(UPDATE) රන් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රවීණ ගායකයෙක්ගේ බිරිඳ එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
රන් වංචාවක් සම්බන්ධයෙන් පොලීසියට බාර වූ ප්රවීන ගායකයාගේ බිරිඳ තංගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට ඇයව තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන ගොස් ඇත.
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට ප්රවීණ ගායකයකුගේ බිරිඳ අද(9) උදෑසන තංගල්ල පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි.
31 හැවිරිදි වියේ පසුවන ඇය 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ තංගල්ල ප්රදේශයේ රාජ්ය බැංකුවක සේවය කරමින් සිටියදී, බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව අද(9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත.