කාන්තාවකගේ ගෙල බැඳි රු.110,000/- ක් වටිනා රන් මාලයක් ඇයට පිටුපසින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලායාමට තැත් කිරීමේදී, ප්රදේශවාසීන් විසින් එම පුද්ගලයින් දෙදෙනා අල්ලා පොලීසියට බාරදී ඇති බව සීදූව පොලිස් වසමෙන් වාර්තා වෙයි.
සීදූව පොලිස් වසමේ, ගනේපොල පාරේ ගුරුදොල ස්ටෝර්ස් අසලදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 ක් හා 27ක් වන ඒකල, ජාඇල ප්රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙයි.
මෙම සැකකරුවන් අද දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.