රන් භාණ්ඩ ජාවාරම්කරුවන්ගේ නව කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකා පත්ව තිබෙන බව ද හින්දු පුවත් සේවය සඳහන් කරයි.
ඉන්දීය ආදායම් බුද්ධි අංශ සාමාජිකයින් පසුගිය කාල සීමාවේදී අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට රැගෙනවිත් තිබූ රන් භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබීමත් සමග මේ බව අනාවරණය වී තිබේ.
මීට ඉහතදී සාම්ප්‍රදායිකව රන් ජාවාරම්කරුවන් සිය ජාවාරම් කටයුතු සඳහා බංග්ලාදේශය, මියන්මාරය, නේපාලය හා පකස්තානය භාවිත කර තිබේ.