පොලිස් ආරක්ෂිත කැමරා දර්ශන සහ ජංගම පොලිස් රථවල සවිකර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන හෙට (04දා) සිට රථවාහන වැරදි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීස් මූලස්ථාන සඳහන් කරයි.
මේ අනුව රථවාහන වරද සිදුකරන වාහනයේ හිමිකරුට මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, රථවාහන හිමිකරු රියදුරු නොවන අවස්ථාවේදී සහ රථවාහනයේ වර්තමාන අයිතිකරු, මුල් අයිතිකරු නොවන අවස්ථාවේදී රථවාහනය වර්තමානයේ හිමි පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.