මේ දිනවල පවතින තැපැල් වර්ජනය හේතුවෙන්, රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කර ඇති දඩ මුදල් ගෙවීම සඳහා සතියක සහන කාලයක් ලබා දී ඇති බව රථවාහන පොලීසිය පවසයි.
ඒ අනුව අදාළ දඩ පත්රිකාවල රථවාහන වැරදි සම්බන්ධව නඩු පැවරීම් සිදු කරන බව සඳහන් දිනයේ සිට සතියක සහන කාලයක් ලබාදීමට නියමිතය.
මෙසේ ලබාදෙන දඩ පත්රිකා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට ඉදිරිපත් කර අදාළ දඩ මුදල ගෙවීමෙන් පසු එම රිසිට්පත අදාළ පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතු බව පොලීසිය සඳහන් කරයි.