රථවාහන සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් නිකුත් කරන දඩ කොලවලට අදාළ මුදල් ගෙවීමේ කාලය දින 14 සිට දින 30 දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය. මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන තෝරාගත් නඩුවලට අදාළ දඩ මුදල් සිතාසිය නිකුත් කිරීමේදී සඳහන් කර, එම මුදල අධිකරණ රෙජිස්ට්රාර්වරයාට ගෙවීමට හැකිවන වැඩපිළිවෙළක් සකස් කිරීමටද හැකිවන වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය. දඩ ගෙවීමට ලබා දී තිබෙන දින 14 ක කාලසීමාව පිළිබඳව ජනතාවට ගැටලු ඇතිවීම සැලකිල්ලට ගනිමින් දඩ මුදල් ගෙවීමේ කාලය දින 30 දක්වා ඉහළ දැමීමට අවධානය යොමු වූ බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව මෝටර් රථ ප්‍රවාහන ආඥා පනතේ 224 වගන්තියට අනුව නඩුවක් පැවරූ අවස්ථාවක අනතුරක්, තුවාල කිරීමක් හෝ අලාභහානියක් සිදු නොකළ විටක සිතාසිය යවන අවස්ථාවේදී රියදුරාට ගෙවීමට තිබෙන දඩ මුදල සඳහන් කර යැවීමට සැලසුම් කර ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. මෙලෙස සිතාසියේ දඩ මුදල සඳහන් කර ඇති අවස්ථාවක අධිකරණයට නොපැමිණ අධිකරණ රෙජිස්ට්රාර්වරයාට දඩ මුදල ගෙවීමට අවස්ථාව සලසා දෙන බවද ඔහු පවසා සිටියේය. මෙම ක්‍රමය හරහා අධිකරණවල ඇතිවන තදබදය අවම වී දඩ මුදල් ගෙවන්නන්ට පහසුවක් ඇතිවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.