මාර්ග නීති කඩකිරීමේ දඩය රුපියල් 25,000 දක්වා වැඩි කළ යුතු බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මාර්ග සංවර්ධනය කිරීමෙන් අනතුරු වැඩිවී ඇති බව මම ප්‍රකාශ කරනවා. මෙම අනතුරු පාලනය කිරීම සඳහා මාර්ග නීති පද්ධතියක් අවශ්‍යයි. පාර හරහා මාරුවීමේ සිට මිනී මැරීම දක්වා නීතිරීති අවශ්‍ය බව මාගේ අදහසයි. අයවැය මඟින් රියදුරන් සිදුකරන වැරදි සඳහා රුපියල් 2500 ක දඩ මුදලක් අය කිරීමට යෝජනා කළා.
ඊට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. දඩ මුදල් අය කරන්නේ බලපත්‍ර නොමැති පුද්ගලයෙකු රිය ධාවනය කිරීම, අඩු වයසේ පුද්ගලයෙකු රිය ධාවනය කිරීම සහ බීමත්ව රිය ධාවනය කිරීම යන කරුණු 03 සඳහා පමණයි. මම නම් කියන්නෙ මෙම වැරදිවලට රුපියල් 2500 ක් නොව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කළ යුතුයි." යනුවෙන් පැවසීය.