ඉන්දිය අගමැති නරෙන්ද්ර මෝදි මහතාගේ පැමිණිම වෙනුවෙන් සිදුවන අද (13දා) පස්වරු 04.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුල ශ්රීජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල සිට පාර්ලිමේන්තු පාර, පොල්දූව, ආයුර්වේද හංදිය, ඩි.එස්. හංදිය, නෙළුම් පොකුණ ඔස්සේ කොල්ලුපිටිය හංදිය, ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර දක්වා මාර්ගයේ රථවාහන ගමනය සීමා වෙන බව පොලීසිය කියයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දන්වා සිටියි.