ගම්පහ රතුපස්වල ප්‍රදේශයේදී පිරිසුදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධව එම යුද හමුදා කණ්ඩායම භාරව සිටී බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා සැප්තැම්බර් 06දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (23දා) නියෝග කළේය.
බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය, යුද හමුදා මාණ්ඩලික සැරයන් ඩී.ඒ සිරිසේන, සැරයන් ලලිත් ගේ‍්‍ර සහ කෝප්රල් ජේ.එම් තිලකරත්න යන යුද හමුදා සාමාජිකයෝ තිදෙනා මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණි.