රතුපස්වලදී රජයේ ආරක්ෂක අංශ හා එම ප්‍රදේශයේ ජනතාව අතර සිදුවූ ගැටුමින් තුවාල ලැබූ පුද්ගලයින් 33කට වන්දි ලෙස රුපියල් මිලියන 4.68ක මුදලක් ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ සිද්ධියෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත හා තුවාල ලබා ප්‍රතිකාර ලෙස රෝහල් ගත්වූ පුද්ගලයන්ට මෙම වන්දි ප්‍රධානය කරන බවත් එය එළැඹෙන 08දා සිදුකරන බවත්ය.