ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකරන නායයෑම් අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම විහිළුවට නොගන්නා ලෙසත්, සෑමවිටම නිකුත් කරන අවදානම් තත්ත්වය පිළිබඳ ජනතාව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කඳු ආශ්රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව පොළවේ අස්වාභාවික ලෙස ඉරිතැලීමක් ජල පහරවල් මතුවීමක් වැනි වෙනස්කම් සිදුවුවහොත් ඒ පිළිබඳවද දැඩි අවධානය යොමු කරන, තම සංවිධානය අදාළ ප්‍රදේශ පිළිබඳ අවදානම් නිවේදන නිකුත් කර නොතිබුණද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් අංශයේ අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.
නායයෑම් අවදානම ඇති වීමට හැකියාව තිබෙන දිස්ත්‍රික්ක 07ක අවදානම් නිවේදන නිකුත් කර තිබෙන බවත්, එම දිස්ත්‍රික්කවලින් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් දැඩි අවදානම් තත්ත්වයට පැමිණ තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, වරකාපොල හා රඹුක්කන, ගලිගමුව ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලවලට අයත් කඳු ආශ්රිත ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, කිරිඇල්ල, රත්නපුර, බලංගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල, ඇලපාත, ඕපනායක, කහවත්ත, ඉඹුල්පේ කඳු ආශ්රිත ප්‍ර‘දේශ නායයෑමේ දැඩි අවදානමකට ලක්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.