රත්නපුර හා මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකේ ස්ථාන කිහිපයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාය යෑමේ අවධානම් නිකුත් කොට තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ හා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයද, මාතර කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඒ අවට ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ. අද (19දා) ප.ව. 12.30 සිට හෙට (20 දා) ප.ව. 12.30 දක්වා මෙම නායයෑමේ අවධානම් නිකුත් කොට තිබේ.