රත්නපුර දිස්ත්රික්කයට පවතින වර්ෂා තත්ත්වය දිගටම පැවතියහොත් එම දිස්ත්රික්කයේ කඳු සහ බෑවුම් ස්ථාන නායයාමකට ලක්ව පස්කණ්ඩි කඩා වැටීමේ අවදානමක් ඇති විය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.
මේ අනුව රත්නපුර දිස්ත්රික්කයේ කඳු සහ බෑවුම් ආශ්රිතව ජීවත්වන ජනතාවට කඳු නායයෑම්, ගල් පෙරළීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා සිටී.