රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාප දෙකේ සියලුම පාසල් සහ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ වෙනත් කලාපවල අවතැන් කදවුරු සහ සහන සේවා කටයුතු පවත්වාගෙන යන පාසල් වලට හෙට (30දා) නිවාඩු ලබාදුන් බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේ ය.
ඒ අනුව රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, ඇහැළියගොඩ, පැල්මඩුල්ල, නිවිතිගල, අයගම සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් සඳහා මෙම නිවාඩුව ක්‍රියාත්මකය.
ගංවතුරට යටවූ සියලුම පාසල් නැවත විවෘත කිරීමට පෙර මව්පියන් සමග එක්ව පිරිසිදු කරන ලෙස සියලුම විදුහල්පතිවරු ඇතුලූ ගුරුවරුන්ට දන්වා ඇති බව ද පළාත් අධ්‍යාපන ලෙකම්වරයා පැවසුවේ ය.
අජිත්ලාල් ශාන්තඋදය