(UPDATE) රත්නපුර මහ රෝහලේ ඇතිවූ සිද්ධිය සමතයකට පත්කිරීම සඳහා දෙපර්ශ්වයම එකඟ වූ බැවින් පොලිස් අත්අඩංගුවේ සිටි රත්නපුර මහ නගර සභා විපක්ෂ නායක ලක්ෂ්මන් මුණසිංහ මහතා ඇප මත නිදහස් කරනු ලැබීය.
රත්නපුර මලිති පෙරේරා
---------------------------------------------------------------------------------------------
රත්නපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂමන් මුණසිංහ මහතා (එ.ජා.ප.) ඊයේ (02දා) රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර රෝහලේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක නියාමකවරයෙකුට පහරදීමේ චෝදනාව යටතේ මුණසිංහ මහතා අත්අඩංගුවට ගත් බව පෙලිස් මූලස්ථානය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබු හිදැල්ල ආරච්චිගේ සමීර දිල්හාන් කරුණාරත්න (28) මේ වනවිට රත්නපුර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි.