දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්නය හේතුවෙන් වැඩිම සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති දිස්ත්‍රික්කය බවට රත්නපුර දිස්ත්‍රික්කය පත්ව තිබේ. එහි පුද්ගල මරණ 46ක් වාර්තා වෙයි. කලුතර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ සංඛ්‍යාව 38කි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය රාත්‍රි 7.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සමස්ත මරණ 91ක් තුවාල ලැබී් 11ක් හා අතුරුදන් වීම් 110ක් ලෙස වන බවයි.
අතුරුදන් වූවන්ගෙන් වැඩිම ප්‍රමාණය කලුතරින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 80කි.
කාලගුණය හේතුවෙන් පවුල් 16 759කට අයත් පුද්ගලයන් 61 315ක් අවතැන්ව සිටිති.