කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් කඳවුර ආසන්නයේ රණවිරු ගම්මානයේ රණවිරු නිවාස 107න් නිවාස 40ක් පමණ බරපතල ලෙස හානි සිදුවී තවත් නිවාස 60ක් පමණ අර්ධ හානි සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.
එමෙන්ම පිපිරීම හේතුවෙන් විපතට පත්වූ ජනතාවට මෙන්ම ඔවුන්ගේ නිවාස සහ වෙනත් දේපළ යථාතත්වයට පත්කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති අතර, හානි වූ රණවිරු නිවාස කඩිනමින් පිළිසකර කිරීමත් , ඔවුන්ගේ ආහාර හා පානීය ජල අවශ්‍යතා සහ අනෙකුත් අවශ්‍යතාවයන් සැපයීමටත් මේ වන විට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටියි.