නිශ්ශංක සේනාධිපතිට, ටිරාන් අලස්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිබව මෙන්ම. ඔවුන් නීතිය ඉදිරියේ බේරැණද ජනතා හෘදසාක්ෂිය ඉදිරියේ කිසිම ගැලවීමක් නැතැයි .අමාත්‍ය පාඨලී චම්පික මහතා අද පාර්ලිමේන්තුවේ්දී පැවසීය. කල්තැබිමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ කීය
“දූෂණය පිළිබඳ අතීතයේ යම් ක්‍රියාදාමයක් සිදුවූවාද එය ඉදිරියට කරගෙන යන්න බෑ කියලා තමයි ජනවාරි 08 වැනිදා ජනවරමෙන් කිව්වේ. දූෂණය නවත්වන්න තමයි අද දඬුවම් දීමක් අවශ්‍ය වී තිබෙන්නේ.
නීතියට පටහැනිව යමින් දූෂණය කරන්නන් දූෂණය කිරීමේ චෝදනාවලින් ගැලවීමටත් මංමාවත් සොයාගෙන තිබෙනවා.
ඇවන්ට් ගාඩ් පිළිබඳව, අවි දහස් ගණනක් පිළිබඳව තොරතුරු ලැබුණා. අවශ්‍ය නම් රටකට එරෙහිව කුමන්ත්‍රණය කරන්න පුළුවන් මට්ටමේ අවි මෙතන තිබුණා. ඇවන්ට් ගාඩ් සිද්ධියේ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවුණා.
ඒ තුළින් රටේ ඇතැම් අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ජනතාව තුළ මතයක් ඇතිවෙලා තියෙනවා. ඇවන්ට් ගාඩ් වගේම රාඩා ගනුදෙනුව ගැන කතා කරනවා අඩුයි. ටිරාන් අලස් මහතාගේ මූලිකත්වයෙන් රාඩා ආයතනය හරහා එල්.ටී.ටී.ඊ.යට මුදල් දුන්නා. උතුරේ නිවාස හදනවා කියලා මේ ආයතනය ආරම්භ කළා. එකම නිවසක්වත් හදලා නැහැ.
ටිරාන් අලස් මහතාගේ ගිණුම්වලට රාජ්‍ය මුදල් මිලියන 125 ක් ගත්තා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවා. නිශ්ශංක සේනාධිපතිට, ටිරාන් අලස්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් නීතිය ඉදිරියේ ගැලවීමක් කළාට ජනතා හෘදසාක්ෂිය ඉදිරියේ කිසිම ගැලවීමක් නැහැ.
මේ සම්බන්ධයෙන් යුක්තිය ඉතා ඉක්මනින් ඉටු කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ රටේ සියලු දෙනා රටේ දූෂණය නැවැත්වීමට කටයුතු කළා. අපි ඉදිරි කාලයේදී තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරලා මේ සම්බන්ධව කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නීතිය ඉටුවීමට ආයතන බලගත කළ යුතු යැයි මම කියා සිටිනවා.
ඇවන්ට් ගාඩ් පිළිබඳව සහ රාඩා පිළිබඳව නීතිය ඉටුවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේ මෙවැනි දේ සිදුවීම වැළැක්වීමට අවශ්‍ය නීති සහ තාක්ෂණය අපි ඇති කළ යුතුයි කියලා මම කියන්න කැමතියි.*