මාධ්‍ය රටක සිව්වැනි ආණ්ඩුව ලෙස හැඳින්වුවත් ලංකාවේදී ඒ සඳහා වටිනාකාමක් තිබෙනවාද යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
අය වැය කාරක සභා විවිදයේදී ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශිර්ෂය වෙනුවෙන් පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන වත්මන් පාලනය යටතේ මාධ්‍ය නිදහස දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ මාධ්‍ය නිදහස පිළිබඳ වන දර්ශකයට අනුව මේ වන විට ශ්‍රී ලංකාවරටවල් 180 කින් 165 වන ස්ථානයට පත්ව තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා 2002 දී ශ්‍රී ලංකාව එහි 51 වැනි ස්ථානයේ පසුවූ බවත් පැවැසිය.
එසේම මේ වන විටරටේ දැවැන්ත මාධ්‍ය මර්දනයක් සෘජුව හා වක්‍රව ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා කීය.