කෘෂිකාර්මික රටක් ලෙස රට නගා සිටුවමින් ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේදී ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් සහ සාධාරණ මිලක් ලබාදීම අත්‍යාවශ්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තම නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත්වන විට අතරමැදියන් විශාල ප්‍රමාණයක් සිටීම හේතුවෙන් ගොවිජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (03) පෙරවරුවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහනට එක් වෙමිනි.
ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම කෘෂි ව්‍යාවසායකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර මෙහි ප්රමුඛ අරමුණ වන්නේ ග්‍රාමීය කෘෂිකාර්මික ජනතාව තිරසාර ආදායම් උත්පාදන මාර්ග කරා යොමු කිරීම සහ ඔවුන් කෘෂි ව්‍යාවසායකයින් ලෙසින් සමාජගත කිරීමය. එමගින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සවිබල ගැන්වීම මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම ද අපේක්ෂිතය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපේ රටේ අති බහුතරයක් නිරතවන ක්ෂේත්රයක් වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජයන් ගන්නා තීන්දු තීරණ ඇතැම් අවස්ථාවල ප්‍රසාදයට ලක්වනවා සේම ඇතැම් අවස්ථාවල අප්‍රසාදයට ලක්වීම ද වැළැක්විය නොහැකි බවයි.