දශක තුනක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කල ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සෑම මොහොතකම රටේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. වත්මන් රජය ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇතැයි සඳහන් කල අමාත්‍යවරයා, රට තුල ත්රස්තවාදයට හිස එසවීම සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බව සඳහන් කළේය.
කොළඹ පැවති විද්වත් හමුවකින් අනතුරුව මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා , ඉකුත්දා යාපනය චාවකච්චේරි හිදී සොයාගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය පිළිබඳව මේ වන විට අංශ ගණනාවකින් පරීක්ෂණ සිදුකෙරෙන බව පැවසීය. ත්‍රස්තවාදය පිළිබඳ රට තුල අනියත බියක් ඇතිකරමින් පොදු විපක්ෂයේ මංත්‍රීවරු පිරිසක් රට තුල ගැටළු නිර්මාණය කිරීමට උත්සාහ ගනිමින් ඇතැයි ද අමාත්‍යවරයා එහිදී චෝදනා කළේය.