ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුව සඳහා රටවල් 94 ක තරුණ තරුණියන් සහ රටවල් 6 ක අමාත්‍යවරුන් මේ වනවිට දිවයිනට පැමිණ සිටින බව 2014 ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක ලලිත් පියුම් පෙරේරා මහතා පැවසීය.
ලෝක තරුණ සමුළුව හෙට (06දා) උදෑසන 11.00 ට හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
‘සහස්ර සංවර්ධන දර්ශක 2015 ඔබ්බට තරුණ නියෝජනය’ යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබේ. සමුළුව සම්බන්ධව කටයුතු කරන විදෙස් මාධ්‍යවේදීන් අද දිනයේ සිට දිවයිනට පැමිණීමට නියමිතය.