රටපුරා කිරිපිටි හිඟයක් මේ දිනවල පවතින බව වෙළෙඳ පොළ සමීක්ෂණයන්හිදී 'අද'ට තොරතුරු අනාවරණය වෙයි. සාමාන්‍ය වෙළෙඳ සැල්, සුපිරි වෙළෙඳ සැල් මෙන්ම සතොස වෙළෙඳ සැල්වලද මේ ආකාරයෙන් කිරිපිටි හිඟයක් පවතින බවට පාරිභෝගිකයේ මැසිවිලි නගති.
උත්සව සමයේදී මෙසේ රටපුරා කිරිපිටි හිඟයක් ඇතිවීමෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවකට ලක්ව ඇති අතර, මෙය හිතාමතා සමාගම් විසින් කිරිපිටි මිල ඉහළ දැමීමේ පරමාර්ථයෙන් සිදුකරන ලද්දක්දැයි යන ප්‍රශ්නාර්ථයද මතුව තිබේ. මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරනුයේ කිරිපිටි වෙළෙඳ පොළට නිකුත් නොකර හොර රහසේ ගබඩා කර තැබීම නීති විරෝධී ක්‍රියාවක් බවත් එසේ ගබඩා කර තිබෙන ස්ථාන සොයා දිගිනි දිගටම වැටලීම් සිදු කරන බවය.