රටට අවශ්‍ය 'යහපාලනයක්ද' නොඑසේ නම් 'වහපාලනයක්ද' කීයා ඉදිරි මැතිවරණයේ ජනතාවට තීරණය කිරීමේ අවස්ථාව ලැබෙන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. තමන් ගැන පමණක් සිතා මහ මැතිවරණයේදී තීන්දුවක් නොගන්නැයි මහ ජනතාවගෙන් ඉල්ලා සිටි ඇමතිවරයා අසල්වැසියා ගැනත්, මතු පරපුර ගැනත් සිතා තීරණයක් ගන්න යැයිද පවසා සිටියේය.
අගුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති ජනහමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"යහපාලනයේ අරමුණ පොඩි මිනිසා රජ කරවීමයි. වහපාලනයේ අරමුණ පාලකයන් සහ ඔවුන්ගේ පවුල් පරපුර සුරැකීමයි. ජනතාවට නිවාස හැදීම, සමෘද්ධි සහනාධාරය සියයට දෙසීයකින් වැඩි කිරීම, නිවාස ණය හා නිවාස ආධාර ලබාදීම, ගොවි හා ධීවර සංවිධානවලට ආධාර කිරීම, දහම්පාසල, පෙරපාසල රැකගැනීම, කම්කරුවා, රජයේ සේවකයා, මධ්‍යම පාන්තිකයා ශක්තිමත් කිරීම යහපාලනයේ ලක්ෂණයි. එනමුත් එදා වහපාලනයෙන් සුරැකුනේ කැසිනෝ ජාවාරම්කාරයින්, මත්කුඩු, එතනෝල්, ගංජා, අබිං වෙළෙන්දන්, මිනී මරණ පාලකයන්, ළමා අපචාරකරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි පුද්ගලයන්.
එහෙයින් ළඟදීම ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මේ දෙකින් කුමක් තෝරා ගන්නවාද යන්න බුද්ධිමත්ව තීරණ කළ යුත්තේ මහජනතාවයි" යනුවෙන් පවසා සිටියේය.