රටකජු අස්වැන්න නෙළාගැනීමට යන්ත්‍රයක් නිපදවීමට නාඋල, අළුගොල්ල පදිංචි කේ.ජී. චන්දික ජයන්ත සේනාධීර (අවු.28) මහතා සමත්ව තිබේ.මෙම යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට භාවිතයෙන් ඉවත් කරන ලද ගොයම් මඩින යන්ත්‍රයක් භාවිත කර තිබේ. නාලන්ද වෙල්යායේ ගොවි මහතෙකුද වන ඔහු ඉවතලන බොහෝ දේ උපයෝගී කරගනිමින් නව නිර්මාණ බිහිකිරීමට දස්කම් දක්වන්නෙකි.
යන්ත්‍රය පිළිබඳ අදහස් දැක්වූ එහි නිර්මාතෘ චන්දික ජයන්ත මහතා, "ඉතා පහසුවෙන් රටකජු, ගස්වලින් වෙන්කර ගැනීමට මෙම යන්ත්‍රය භාවිත කළ හැකියි. අක්කරයක රටකජු අස්වනු නෙළාගන්න දහදෙනෙක් විතර ඕන වෙනවා. එකට වගාකරන හින්දා කට්ටිය හොයාගන්න අමාරුයි. ඒ ගැන කල්පනා කරලා තමයි මම මේ යන්ත්‍රය හැදුවේ. මම කොහෙන්වත් පුහුණුවක් ලැබුවේ නැහැ මේක හදන්න. මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ඇතුළ වෙනස් කරලා තියෙන්නෙ. අලුතෙන් ෆෑන් එකක් දාලා තියෙනවා.
වැලි වැටෙන්න උපකරණයකුත් හදලා තියෙනවා. මේ යන්ත්‍රය දෙන්නෙකුට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ යන්ත්‍රය වැඩිදියුණු කළොත් පස්හය දෙනෙකුට වැඩ කරන්න පුළුවන්. කාලය ශ්‍රමය වගේම ඉතා පිරිසුදු අස්වැන්නක් මේ යන්ත්‍ර‘යෙන් ගන්න පුළුවන්. මගේම නිර්මාණයක් විදිහට හදපු මේ යන්ත්‍රය තවත් වැඩිදියුණු කරන්න පුළුවන්. කවුරුහරි අතදෙනවා නම් තව ගොඩක් නිර්මාණ මට කරන්න පුළුවන්" යැයි පවසා සිටියේය. මෙම යන්ත්‍රයේ අධීක්ෂණ කටයුතු සඳහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර (එජාප) මහතාද එක්ව සිටියේය.
නාවුල ඉන්දික අරුණ කුමාර