රට බිල්ලට දී බලය රැක ගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත් බලයට පත්වූයේ රට රට ගොඩ නැගීමට හා අනාගතය සුරක්ෂිත කිරීමට බවත් එය සිදු කිරීමට ඉඩ නොදෙන්නේම් බලය අතැරයාමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වෘත්තීය සමිති විසින් පැවැත්වීමට යන වැඩවර්ජනය පිළිබඳව අද (14දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම මේ වන විට කාරක සභා අවස්ථාව පැමිණ ඇති හෙයින් මුදල් අමාත්‍යවරයාට ගැටලු ඉදිරිපත් කර අයවැයේ ඇති ගැටලු නිරාකරණය කරගන්නැයිද අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.