අයහපත් කාලගුණයෙන් 180ක් ජීවිතක්ෂයට
අයහපත් කාලගුණයෙන් 180 ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 180 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 109ක් දක්වාත් තුවාල ලැබූවන් 110 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 153303 කට අයත් පුද්ගයන් 588082ක් අවතැන්ව සිටිති. නිවාස 640 ක් පූර්ණ ලෙස හානි වී ඇති අතර අර්ධ නිවාස හානි 5329කි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 77කි. අතුරුදන් සංඛ්‍යාව 26කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 54කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 43397කට අයත් පුද්ගලයින් 162083ක් අවතැන්ව සිටිති.
අයහපත් කාලගුණයෙන් 177 ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 177 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 109ක් දක්වාත් තුවාල ලැබූවන් 109 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පස්වරු 4.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 151392 කට අයත් පුද්ගයන් 557505ක් අවතැන්ව සිටිති. නිවාස 484 වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 77කි. අතුරුදන් සංඛ්‍යාව 26කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 54කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 38155කට අයත් පුද්ගලයින් 151360ක් අවතැන්ව සිටිති.
අයහපත් කාලගුණයෙන් 169ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 169 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 102ක් දක්වාත් තුවාල ලැබූවන් 88 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මධ්‍යාහ්න 12.00 ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 140238 කට අයත් පුද්ගයන් 521384ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 4362ක් හා පූර්ණ හානි 446ක්ද වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 53කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 38155කට අයත් පුද්ගලයින් 151360ක් අවතැන්ව සිටිති.
අයහපත් කාලගුණයෙන් 164ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 104ක් දක්වාත් තුවාල ලැබූවන් 85 දෙනෙකු සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙ.ව. 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 128586කට අයත් පුද්ගයන් 471542ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 4266ක් හා පූර්ණ හානි 412ක්ද වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 53කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 41545කට අයත් පුද්ගලයින් 131775ක් අවතැන්ව සිටිති.
අයහපත් කාලගුණයෙන් 151ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 111ක් දක්වාත් වර්ධනය වී තිබේ. එසේම තුවාල ලැබූවන් 95 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප.ව. 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ හේතුවෙන් පවුල් 112565කට අයත් පුද්ගයන් 438295ක් අවතැන්ව සිටිති. නිවාස අර්ධ හානි 1785ක් හා පූර්ණ හානි 250ක්ද වාර්තා වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. අතුරුදන් සංඛ්‍යාව 20කි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69කි. කලුතර මරණ 47කි.
පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 28270කට අයත් පුද්ගලයින් 114161ක් අවතැන්ව සිටිති
අයහපත් කාලගුණයෙන් 146ක් ජීවිතක්ෂයට
අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 146 දක්වාත්, අතුරුදන් වූ සංඛ්‍යාව 112ක් දක්වත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එසේම තුවාල ලැබූ සංඛ්‍යාව 52කි.
අවතැන් පවුල් සංඛ්‍යාව 114124ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 442299කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71කි. කලුතර මරණ 43කි.
නිවාස පූර්ණ හානි 230ක් හා අර්ධ හානි 1701කි. වැඩිම පිරිසක් අවතැන්නව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වෙන අතර පවුල් 36314කට අයත් පුද්ගලයින් 142149ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් අවතැන්ව සිටියි.
අයපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 126ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 126ක් බවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙ.ව. 10ට නිකුත් කළ නිවේදනයක දැක්වූයේ තුවාල ලැබූ පුද්ගල සංඛ්‍යාව 49ක් බවත් අතුරුදන්විම් 97ක් බවත්ය.
පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 109773ක් වන අතර පීඩාවට පත්වූ පුද්ගල සංඛ්‍යාව 423068කි. නිවාස පූර්ණ හානි 203 ක් වන අර්ධ හානි 1627කි.
අයහපත් කාලගුණයෙන් 122ක් ජීවිතක්ෂයට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 122ක් දක්වාත් අතුරුදන් වූ සංඛ්‍යාව 97ක් බවටත් පත්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙන අර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 49කි.
මේ අතර හදිසි ආපදාව හේතුවෙන් පවුල් 105956කට අයත් පුද්ගලයන් 415618ක් අවතැන්ව සිටිති.
නිවාස අර්ධ හානි 1602ක් හා පූර්ණ හානි 187කි.
මිය යෑම් 100 ක්
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100ක් බවත් තවත් 99 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් අමාත්‍ය සගල රත්නායක මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව තහවුරු කළේය.
බේරා ගැනීමේ මෙහෙයුමට එක්වූ ගුවන් හමුදා නිලධාරියා මරුට
ආපදාවලට ලක්වූ ජනතාව බේරා ගැනීම සඳහා නෙළුව ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
හෙලිකොප්ටර් යානාවකින් ජනතාව බේරා ගනිමින් සිටින විට එහි කේබලය කඩා වැටීමෙන් තුවාල ලැබූ නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේදී ජීවතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (26දා) මෙම සිදුවිම සිදුවූ අතර මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සේවයය කළ වයි.එම්.එස්. යාපාරත්න නැමැති අයෙකි.
කිරිබත්ගල නාය යෑමෙන් 10ක් මරුට
නිවිතිගල, කිරිබත්ගල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් නිවාස කිහිපයක් යටවීමෙන් ජීවිතක්ෂයට පත් වූ දහ දෙනෙකුගේ පමණ සිරුරු හමුව තිබේ.
පස්වලට යටවු තවත් පිරිසක් සිටින බව තොරතුර වාර්තා වුව ද ඒ බව තහවුරු කර ගැනීමට බලධාරීන් කිසිවෙකුත් සම්බන්ධ කර ගැනීමට දුරකතන මාර්ග අවහිරව තිබේ.
මරණ 91
අතුරුදන් 110
රත්නපුර මරණ 28
කලුතර මරණ 37
පුද්ගල මරණ 25
තුවාල ලැබීම් 2
අතුරුදන්වීම් 42
පීඩාවට පත් පවුල් 2811
අවතැන් පිරිස 7856
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ඇහැළියගොඩ නාය යෑමකින් 10ක් අතුරුදන්
රත්නපුර, ඇහැළියගොඩ අරබ්බඩ කන්ද නාය යෑමෙන් එහි පාමුල තිබූ නිවාස 5ක් පමණ සම්පූර්ණයෙන්ම විණාශ වී ඇති බවත් එම නිවාස වල ජීවත්වූ නිවැසියන් 10 දෙනෙකු පමණ අතුරුදන් බවත් ප්‍රදේශවාසීහු පවසති.
තුවාල ලැබූ දෙදෙනෙකු ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අතුරුදන් වූවන් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ආපදාවට පත්ව ඇති දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දුරකතන අංක
කොළඹ අැල මාර්ග අවහිර කර ඇති ඉදිකිරීම් ඉවතට
කොළඹ ඇල මාර්ග හා ජලමාර්ග අවහිර වන සේ ගොඩනගා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් පසු කඩිනමින් ඉවත් කිරීමට නියමිතය. මේ සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට හා අනෙකුත් ආයතන වෙත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණව මහතා උපදෙස් ලබා දී ඇත.
අධික වර්ෂාව නිසා කැළණි ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇත. තවද, කොළඹ නගරයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කඩුවෙල, වත්තල, කැළණිය යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවධානමක් පැන නැගී ඇති බවත් ඇල මාර්ග හා ජල මාර්ග අවහිර වනසේ ගොඩ නගා ඇති ඉදිකිරීම් මේ සඳහා හේතුව බවත් අමාත්‍යාශය නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.
බෝට්ටු අවශ්‍යනම් මේ අංකවලට කතා කරන්න
හදිසි ආපදා තත්ත්වය නිසා ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදා ගැනීම සදහා අවශ්‍ය යාත්‍රා සැපයීමට ධීවර අමාත්‍යාංශය විසින් මෙහෙයුම් කමිටුවක් පත් තිබේ.
ඒ අනුව ගංවතුරට කොටු වී සිටින ජනතාව ඉන් මුදා ගැනීමට අවශ්‍ය බෝට්ටු හා වෙනත් යාත්‍රා ලබා දීමට හා ඒවා සම්බන්ධීකරණය කිරීමට මෙම කමිටුව පත් කර තිබේ
බෝට්ටු හා යාත්‍රා අවශ්‍ය නම් ඒ පිළිබඳව,
එච්. එම්. පාලිත මහතා- අධ්යක්ෂ- දුරකථන අංක- 071 6 453 402
එම්. මාර්කස් මහතා- අධ්යක්ෂ- දුරකතන අංක- 077 4 652 278
අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතු සදහා කපිල ජනක බණ්ඩාර මහතා -ජ්‍යෙ. සහකාර ලේකම් - 077 3 410 575
ඉදිරිපැය 48දී මහා ගංවතුරක්
ඉදිරි පැය 48 තුළදී දිවයිනේ සියලුම ගංඟා අවට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ගංඟා ආශ්‍රිතව පදිංචි සියලුම පවුල්වලට තම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස රජය දැනුම් දෙයි. ගංවතුර තර්ජනය ඇති සෑම ප්‍ර දේශයකම පාසල් වසා දමා එම ස්ථානයන්හි අවතැන් ජනතාවට ඉඩ ලබා දී ඇත.
නෙළුව පස් කන්දක් කඩා වැටී පහක් මරුට
ගාල්ල - නෙළුව දූවිලි ඇල්ල වතුයායේ තේ කර්මාන්ත ශාලවට අයත් නිල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නෙළුව පොලීසිය පවසයි.
පවතින අධික ගං වතුර තත්ත්වය හේතුවෙන් මෙම ස්ථානයට ළඟාවීම අපහසුව ඇත. මේ නිසා හෙලිකොප්ටර් යානයකින් අපදාවට ලක්වූවන් මුදාගැනීමේ කටයුතු සඳහා මෙම ස්ථානයට පැමිණි ගුවන් හමුදා භටයෙක්ද තුවාල ලබා තිබේ.
ගාල්ලේ 200ක් ගංවතුරට කොටුවෙති
ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුරින් විපතට පත්වූවන් මුදාගැනීමට සහ ඔවුන්ට සහන සැලසීමට ගුවන් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව පැවසීය.
මේ වන විට දිස්ත්‍රික්කයේ හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල අවම වශයෙන් 200ක් ගංවතුර හේතුවෙන් කොටුවී ඇති බව ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය පවසයි.
ආපදා දිස්ත්‍රික්කයන්හි රජ්‍ය සේවක නිවාඩු අවලංගුයි
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්ව ඇති ජනතාවට සහල සැපයීම සඳහා එහි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරී ස්ථාන සඳහා වහාම වාර්තා කළ යුතු බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිලධාරීන්ගේ හිඟයක් ඇත්නම් විශ්‍රාමි රජයේ ඕනෑම නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරී ඉටු කිරීමටද දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබේ.
ආපදාවක් නම් දැනුම්දෙන්න
ආපදාවන්ට ලක්වූ වන් හා ඒ පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් හදුන්වාදී ඇත.
මේ අනුව හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු මෙම දුරකතන අංක ඔස්සේ ලබා දීමට කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
හදිසි ඇමතුම් අංක -
117
077 3 957 900
011 2 136 136
011 2 136 222
කොළඹ 011 2325511 / 011 2437242 / 0778819389
ගාල්ල 091 2247175 / 091 2247175 / 077 1761692
ගම්පහ 033 2234142 / 033 2222900 / 077 4342786
කලුතර 077 6368763
මාතර 041 2222284 / 041 2222234 / 071 8245180
රත්නපුර 045 2222233 / 045 2222140 / 071 4408835
රත්නපුර නායයෑම් වලින් 5ක් මරුට
රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන පහක සිදුවූ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 10ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. රත්නපුර දිස්ත්‍රික්කයට අඛණ්ඩවම වර්ෂාව පතිත වෙමින් පවතියි.
බුලත්සිංහල නාය යෑමෙන් 9ක් මරුට
බුලත්සිංහල, බෝගහවත්ත කන්ද නාය යෑම හේතුවෙන් මිය ගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. තවත් නිවාස රැසක් නාය යෑමේ තර්ජනයකට ලක්ව තිබේ.
රත්නපුර නගරය ජලයෙන් යටවේ
රත්නපුර නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව පතනය හේතුවෙන් කලුගඟ පිටාර ගලා යාම නිසා රත්නපුරේ නගරය මේ වන විට ජලයෙන් යටවී ඇතැයි වාර්තාවේ.
අයහපත් කාලගුණයට 13ක් බිලි 4ක් අතුරුදන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි. එසේම පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන්ව ඇත.
පස් කන්දක් කඩා වැටී දෙහිඕවිට ළමුන් දෙදෙනෙකු මරුට
දැනට ඇති වී තිබෙන අයහාපත් කාලගුණ තත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයේ පහත් බිම් සීතාවක ගඟ පිටාර ගැලීමෙන් යට වී තිබෙයි.
එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වෙලන්ගල්ල ග්රාමසෙවා වසමේ නිවසකට පස් කන්දක් ඊයේ (25දා) රාත්‍රියේ කඩා වැටීමෙන් වයස අවුරුදු 14 ගැහැණු දරුවෙකු හා වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු මිය ගොස් ඇත. ඔවුන්ගේ දේහයන් මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තබා ඇත.
කොක්මාදූව හා වැලිපැන්න පිවිසුම් ජලයෙන් යටවෙයි
අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කෝක්මාදූව පිවිසුම ජලයෙන් යටව ඇති බවත් එහි වාහන ගමනය ඇණහිට ඇති බවත් පොලීසිය පවසයි.
හංවැල්ල ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි
හංවැල්ල ප්‍ර දේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් වක් ඔය පිටා ගලා ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව වනහගොඩ, මාබූල, නෙළුවත්තුඩුව, කහහේන, පින්නවල, ඉරිදාපොළ, දිද්දෙණිය උතුර, දිද්දෙණිය දකුණ, පැල්පොල, තුන්මෝදර යන ප්‍රදේශයද පුස්සැලිඔය පිටාර ගැලීමෙන් හංවැල්ල ජයවීරගොඩ, වලව්වත්ත යන ප්‍රදේශ ජලයෙන් යටව තිබේ.
බඳුරලිය නිවාස පහක් පස් කන්දකට යටටෙයි
බඳුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවත් නිවාස පහක් පමණ ජලයෙන් යටව ඇති බවත් පොලීසිය පවසයි. මෙම නිවාවල වැසියන් එම අවස්ථාවේදී නිවාසවල සිටියාද නැත්ද යන්න පිළිබඳව බඳුරලිය පොලීසිය පරීක්ෂණය පවත්වයි.
දිස්ත්‍රික්ක 4ට නාය යෑමේ අවධානම්
නිරත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග දිවයිනට දැඩි වර්ෂාපතනයක් ඇතිව තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 4ට නායයෑමේ හා පස්කණ්ඩි කඩා වැටීමේ අවධානම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.
රත්නපුර - රත්නපුර, අලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත
කෑගල්ල- බුලත්කොහුපිටිය, දෙහිඕවිට
ගාල්ල - බද්දෙගම, යක්කලමුල්ල, නාගොඩ
කලුතර - බුලත්සිංහල, අඟලවත්ත, වලල්ලාවිට, බඳුරුලිය
සබරගමුවට මිලි මීටර් 196ක වැස්සක් - අදත් පළාත් පහකට තද වැසි
අද (26දා) පෙ.ව. 5.30න් අවසන් වූ පැය 21 ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනය සබරගමුව පළාතට බලපා තිබේ. එ මිල මීටර් 196.7ක් වශයෙනි. එහිදී රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල විවිධ ප්‍ර දේශයන් සඳහා දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකද දැක්වෙයි. එසේම අද දිනයේද දිවයිනේ පළාත් කිහිපයකට මිල මීටර් 150 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවය පවසයි.

පස්කන්දක් කඩා වැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට
සපුගස්කන්ද, හෙයියං තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට අඩි 20ක් පමණ උස තාප්පයක් හා පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
මොරවක නගරය ජලයෙන් යටවෙයි
නිල්වලා ගංඟාවේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති හෙයින් මොරවක නගරය අඩි 15-20ත් අතර ප්‍රමාණයකින් ජලයෙන් යටව ඇතැයි පොලීසිය පවසයි. මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව ඇතැත් ජීවිත හානි වාර්තා වී නොමැත.
මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
හුංගම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් තංගල්ල - කතරගම මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් ජලයෙන් යටව ඇතැයි පොලීසිය පවසයි. ඒ අනව එම ප්‍ර දේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර තංගල්ල ප්‍ර දේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල - වීරකැටිය මාර්ගය, තංගල්ල- තිස්ස මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් පොලීසිය පවසයි.
සබරගමුවේ සියලුම පාසල් වසා දැමේ
සබරගමුව පළාතට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් එම පළාතේ සියලුම පාසල් සඳහා අද (26දා) නිවාඩු ලබාදුන් බව පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ගංඟා ජල මට්ටම ඉහළට
නිරත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ බොහෝ පළාත් වලට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පවතියි. ඒ අනුව නිලවලා, කැළණි, කළු හා ගිං යන යන ගංඟාවන්හි ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් තිබේ. එම ගංඟා අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයේ පසු වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

