රට තුළ දියුණු ජල සැපයුම් පද්ධතියක් ඇති කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජල සම්පාදන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පිරිසුදු පානීය ජලය සැපයීම සඳහා විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සමග අද (13දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
රට තුළ දැනට ක්‍රියාත්මක කර ඇති ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති පිළිබඳ විමසා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.