ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය යළිත් වරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය අද (02) පස්වරුවෙහි තීරණය කර ඇත.
උපකුළපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා කියා සිටියේ විශ්වවිද්‍යාලය වසා දැමුන බැවින් නේවාසිකාගාරවල රැදී සිටින සිසුන්ට හෙට (03) පස්වරු 4.00 ට පෙර නේවාසිකාගාර වලින් ඉවත්වන ලෙසයි.
ආචාර්යවරුන්ගේ වර්ජනයත් සමග විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදුකරගෙන යෑමට නොහැකි නිසා මෙලෙස රජරට විශ්වවිද්‍යාලය යළි දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙන බවද උපකුළපතිවරයා පැවසීය.