රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට බඳවාගෙන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 දෙනෙකු පීඨයෙන් ඉවත් කර ඒ සඳහා අලුතින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 46 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
155 දෙනෙකුට ඉගෙනුම ලැබීමට පීඨයේ පහසුකම් තිබෙන බවත්, මේ අනුව පළමුවර බඳවා ගැනීම යටතේ 110 දෙනෙකු බඳවා ගත් බවත් ඔවුහු මේ වනවිට අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් ළහිරු මධුෂාන් මහතා සඳහන් කළේය.
මේ අනුව පීඨ‘යේ පවතින පුරප්පාඩු 45 සම්පූර්ණ කරනවා වෙනුවට දැනට ඉගෙනුම ලබන සිසුන් 110 අතරින් සිසුන් 46 දෙනෙකු ඉවත් කොට ඒ වෙනුවට සිසුන් 40ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.