රජයේ සේවකයන්ගේ වෘත්තිමය තොරතුරු ඇතුළත් කර විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතයක් සකස් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙහි පළමු පියවර ලෙස ශී‍්‍ර ලංකා ක්‍රමසම්පාදන සේවයේ සියළු රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු විද්‍යුත් දත්ත සංචිතයකට ඇතුළත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සම්පාදක කාර්යාලය නිවේදනය කරයි.
රාජ්‍ය නිලධාරීන්ගේ ජීවදත්ත තොරතුරු සහ ඔවුන්ගේ අධ්‍යාපනික, වෘත්තිමය දක්ෂතා සහ අත්දැකීම් ආදී තොරතුරු මෙයට ඇතුළත් වේ. සුදුසුකම් මූලික කරගත් රාජ්‍ය සේවා පත්වීම් සහ විනිවිදභාවය යන සංකල්පය මූලික කරගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවයක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
රාජ්‍ය සේවයේ නව පත්කිරීම් සහ පැවැරුම් ආදිය සදහා ඉතාමත් සුදුසු දක්ෂතා සහිත පුද්ගලයා පහසුවෙන් තෝරාපත් කරගැනීමට හැකිවීම මෙහි මූලිකම ප්‍රතිලාභයයි.