ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමිනාපාන පේමසිරි වහන්සේගෙන් රජය වෙනුවෙන් සමාව ඉල්ලීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (14දා) කටයුතු කළේය.
ඉංග්‍රීසි පාලකයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබූ හෙළ විරුවන් 81 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සඳහා මහුනුවර පැවැති උත්සවයට වැඩම කළ මහ නාහිමියන්ට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බව කියන අගෞරවය පිළිබඳ රජය වෙනුවෙන් අමාත්‍යවරයා මෙසේ සමාව ගත්තේය.
මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ පැවැති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී අමාත්‍යවරයා මෙලෙසසමාව ඉල්ලා සිටියේය.
පසුගිය 01 වැනිදා පැවති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මහනාහිමියන්ටද ආරාධනා කර තිබිණි. නියමිත වේලාවට එහි වැඩම කළ මහනාහිමියන්ට උත්සව භූමියට ඇතුළුවීමට අවස්ථාව නොලැබීම නිසා පැය දෙකක් තිස්සේ බලා සිටීමට සිදුවීම පිළිබඳ දැනගත් ජනමාධ්‍ය ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ලිපියක් මගින් දැන්වීමෙන් පසු ඊයේ (14දා) මෙසේ මහා සංඝරත්තනය හමුවේ සමාව ඉල්ලා සිටියේය.
සිද්ධිය පිළිබඳ ඉතා කනගාටුවට පත්වූ බවත් නොදැන්වත්කම නිසා සිදුවූ බලවත් අඩුපාඩුව සිදුවූ වරදක් ලෙස බාරගෙන ඒ සම්බන්ධයෙන් දෙපා නැමද සමාව ඉල්ලන බවත් ඇමතිවරයා මෙහිදී මහා සංඝරත්නය අමතමින් පැවසීය.
අනතුරුව ඇමතිවරයා මහනාහිමියන් වෙත බුලත් හුරුල්ලක් පිරිනමා සිදුවූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලූ අතර, පසුව උන්වහන්සේ වෙත අටපිරිකර පූජාවක්ද කරනු ලැබීය.
මහානාහිමියන් මෙහිදී අනුශාසනා කරමින්,
“මෙය වැදගත් අවස්ථාවක්. මේ කි‍්‍රයාකලාපය ඉතාමත් අගේ කරනවා. ඉදිරියට මනා හැඟීමෙන් වැඩ කරන්නට ඉටාගන්නා ලෙස ඉල්ලමින් මේ අවස්ථාවට පැමිණි ඇමතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා” යනුවෙන් පැවසූහ.