රජය මගින් ප්‍රකාශයට පත්කළ මිලට පෞද්ගලික රෝහල්වලදී රෝගීන්ට ඖෂධ ලබාදෙන්නේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
ඇතැම් පෞද්ගලික රෝහල් මගින් අඩු කළ මිලට ස්ටෙන්ස් සහ අක්ෂි කාච ලබා නොදෙන බවට ජනතාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කර ඇති පැමිණිලි අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
එසේ සිදු කරන රෝහල්වල ලියාපදිංචිය අවලංගු කිරීමට පෙර නිදහසට කරුණු විමසන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අද (14දා) පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට දැනුම් දී තිබේ.
මේ අතර පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ සඳහා තොරතුරු රැස්කිරීමේදී තොරතුරු ලබානොදුන් රෝහල් පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
තවද එම රෝහල්වල සිදුකරන රෝගී සත්කාරක සේවා පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට දැනුම් දී තිබේ.