තම රජයේ ප්රමුඛතාව ජනතාව හා රට බව ජනපති මෛත්රීපල සිරිසේන මහතා පවසයි. කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකිරීමට ප්රථමව ජනපති ලේකම් කාර්යාලයේදී මැති ඇමතිවරුන් අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
එසේම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් පණිවිඩය සැළකිල්ලට ගනිමින් රජයේ ප්රතිපත්ති, වැඩසහටන් හා ක්රියාකාරකම් වර්ධනය කරමින් ජනතාවට හොඳ සේවයක් ලබාදිය යුතු බවද ජනපතිවරයා සඳහන් කළේය.