පසුගිය ආණ්ඩුව කළාක් මෙන් තමන්ට අවශ්‍ය අය සිරගෙදරට යැවීම යහපත් පාලනයක ලක්ෂණයක් නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. දූෂිත පුද්ගලයින්ට දඬුවම් පැමිණ වීම නිසි පරීක්ෂණයකින් පසුව සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුයේ ගංවතුරින් අවතැන් වූවන්ට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
“සමහර වෙලාවට අපිටත් ලොකු කලකිරීමක් ඇති වෙනවා රජයේ පරීක්ෂණ කටයුතුවලට යන වෙලාව වැඩියි කියලා. නමුත් එය නිසි ක්ර්රමවේදයකට කරන්න අවශ්‍යයයි. ජනාධිපතිතුමත්, අගමැතිතුමාත් ඒගැන අපිව දැනුවත් කළා. ඒනිසා රජයේ පරීක්ෂණ ගැන අපි සෑහීමකට පත් වෙනවා. ඒ පරීක්ෂණ කටයුතු ගැන කරුණු පරීක්ෂණ අවසන් වීමට පෙර කිව්වොත් එයම පරීක්ෂණවලට විශාල බාධාවක් වෙන්න පුළුවන්. ඒබව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අපිව දැනුවත් කළා. අපි හිතනවා පරීක්ෂණ නිසි විදියට කරලා අවශ්‍ය දත්ත ලබාගත්තාට පසු නීතිය ක්‍රියාත්මක වෙයි කියලා” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.