ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාර්ගයෙන් ඉඩම් ලබාදෙන බව පවසා රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක මුදලක් වංචා කළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අක්කර 150ක් ලබා දිය හැකි බව පවසා රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක මුදලක් මොවුන් වංචාකර තිබේ.
කුරුණෑගල හා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩල අධ්යක්ෂ නාමල් අරුණ නාකන්දල සහ ඔහුගේ ක්ෂේත්‍ර නිලධාරියෙකු වන කෞෂාල් නිරෝෂන් ද සිල්වා යන සැකකරුවන් මෙසේ ඊයේ (04දා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මෙසේ මුදල් ලබාගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (05දා) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසා සිටියි.