රජයේ කැබ් රිය ලොරියක ගැටී කැබ් රියදුරා ජීවිතක්ෂයට
පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේදී අද (05දා) අලුයම කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරා මරණයට පත්ව තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මුලතිව් කාර්යාලයට අයත් කැබ් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
රාජ් රාම් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම කැබ් රථය කොළඹ සිට මුලතිව් බලා යමින් සිටියදී පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මුලතිව් ජන හා සංඛ්‍යාලේඛන කාර්යාලයේ ප්‍රධානී තුරේසිංහ ශ්‍රීදරන් මහතාද එහි ගමන් කර ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙක් හා ලොරි රථයේ සහායකයන් දෙදෙනෙක්ද පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබති.
ලොරි රථයේ රියදුරා අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

