වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන බවට රජය ලබාදුන් පොරොන්දු මේ වනවිට කඩකර තිබෙන බව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය තවත් දින 14ක කාලයක් ලබාදෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එම කාලය තුළදී අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් රජයේ රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනයක් සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
රටේ වෛද්‍ය අධ්‍යාපනයෙන් හා රෝගී සුරක්ෂිතතාවන් සැලකිල්ලට ගෙන මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවට රජය පොරොන්දු ලබාදුන් බවද ඒ මහතා සඳහන් කළේය.