කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාඨශාලාවක පළාත් පාලන ආයතනයක වෙනත් රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩල සතු ආයතනයක දී ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත්පත්‍රිකා බෙදීමේ හෝ වෙනත් එවැනි කාර්යයන් සිදු කිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එවැනි ක්‍රියාවලින් වැලකී සිටීම අත්‍යවශ්‍ය බව සියලු ම දේශපාලනඥයන් හෝ දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙත ද දැනුම් දෙයි.
රාජ්‍ය ආයතන සතු ගාස්තු අයකර රැස්වීම් පැවැත්වීම සඳහා කුලියට දෙන ස්ථාන දේශපාලන පක්ෂවල / අපේක්ෂකයන්ගේ හෝ සංවිධානවල රැස්වීම් සඳහා ගාස්තු අයකර ලබාදීම සම්බන්ධයෙන් මෙම නියමයන් බල නොපැවැත්වෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.