රාජ්ය සේවකයන් තුළ ගිලෙහෙමින් ඇති තම ඡන්ද පදනම රැකගැනීම වෙනුවෙන් යතුරුපැදි ලක්ෂයක් රුපියල් පනස්දහසේ මිලකට රටපුරා සිටින ක්ෂේත්ර නිලධාරීන් අතර බෙදාහැරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ඒ හරහා රජයට රුපියල් මිලියන 15,000 ක අලාභයක් සිදුව තිබෙන බවත්, මේ වනවිට ඒකපුද්ගල ණය බර රුපියල් ලක්ෂ හතර ආසන්නයට පැමිණ තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.