කිසිවෙකුගේ වගකීම් විරහිත ස්වභාවය හේතුවෙන් රජයට එල්ල වන විවේචන මගහැර යෑමට අදහස් නොකරන්නේ යැයි නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා අද(03දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
වගකීම් විරහිතව හැසිරෙන ස්ථාන, පුද්ගලයන් සහ අධිකාරීන් නිවැරදි කරමින් අදාළ විවේචනවලට මුහුණදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රටතුළ සාධාරණ නීති පැවැති යුතු අතර, එම නීතිවලට තරාතිරම නොබලා සියලු දෙනා ගෞරව කළ යුතු බවත්, සිසුන්ටද, පොලීසියටද එය එකසේ අදාළ බවත් මාරපන අමාත්‍යවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුව වගකීම් සහගතව හැසිරෙන බවද, ජනමතය තලා පෙළා දැමූ උද්දච්ඡ ලෙස හැසිරුණු පසුගිය ආණ්ඩුවට වඩා හාත්පසින්ම වෙනස් ආණ්ඩුවක් බවද උසස් තාක්ෂණගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ගේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.