පළාත් පාලන මැතිවරණය පවත්වා දින 10ක් ගතවී ඇතත්, මේ වනතුරු රජයක් පිහිටුවාගැනීමට බැරිව සිටීම පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
මේ දිනවල රෑට රෑට ජනාධිපති නිල නිවසේදී අගමැති හා ජනාධිපති හොරගල් අහුලනවා යැයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් පැවසූ නාමල් රාජපක්ෂ මහතා විදේශිකයෙකු වන අර්ජුන් මහේන්ද්රන් මහතාට මහබැංකු අධිපති ධුරය පිරිනැමුවේ ජනාධිපතිවරයාබැවින් බැඳුම්කර වංචාවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වගකිවයුතු බවද පැවසීය.