දිවයිනට බලපෑ අහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව එයින් පීඩාවට පත්ව තිබියදී කැබිනට් මණ්ඩලයේදි තීරණයක් ගෙන තිබුණේ මේ වසරේදී තවදුරටත් මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් වෙන් නොකරන බවයි.
එවැනි තීරණයක් ගෙන තිබියදී රජය මැති ඇමතිවරුන්ට වාහන ගෙන්විමට, නිල නිවාස අලුත්වැඩියාවට හා පළාත් සභා 8ත් සඳහා මුදල් ඉල්ලමින් මෙසේ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.