මහබැංකුව බිද දැමීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ හා වගඋත්තරකරුවන් මහ බැංකුවේ සේවයට බදවාගෙන ඇත්තේ අගමැතිවරයා වන හෙයින් බැඳුම්කර සිදුවීමට අදාළව වගකීම රජය භාරගෙන රජය වහා ඉල්ලා අස්විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
බැදුම්කර ගනුදෙනුවෙන් එක් පාර්ශ්වයක් උපයාගෙන ඇති අයතා මුදල් නැවතත් අයකරගෙන ජනතාවට සහන ලබාදිය යුතු බව ඔවුන් පවසයි.
ජනතාව බදු මුදල් ගෙවන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන්ට මුදල් හොරකම් කිරීමට නොවන බවත් ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වෙද්දී සීමිත පිරිසක් විසින් සුර සැප විදීම සඳහා ජනතා මුදල් සොරකම් කර ඇති බවට ඔප්පුවී හමාර බවත් එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
හාල් මිල වැඩිවන විට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන විට රජය ප්‍රකාශ කලේ රාජපක්ෂ ණය ගෙවීම සඳහා භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බව පැවැසුවත් පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා බවත් එම නිවේදනය් දැක්වෙයි.