රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06දා) දහවල් අනුරාධපුරයේ දී පැවැත්විණි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසේ බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්රවෘත්ති සාකච්ඡාවේදී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරළා දැමීමට කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ. රජය ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. වසර 2020න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. රජය පෙරළා දැමීමට කෑ ගහන අය එවිට ඉන්නේ බන්ධනාගාරවල.
වසර 2025 දී තමයි අපි තීරණය කරන්නේ නව රජයක් බිහි කරනවාද නැද්ද කියලා. එම නිසා රජය පෙරළා දමන්න කාටවත් බැහැ. පෙරළා දමන්නත් අපි ඉන්න ඕනි. ඒක තමයි යථාර්තය” යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට සඳහා ළමා හා වනිතා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය හේරත් බණ්ඩාර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතී නීතිඥ සරත් ලියනගේ, කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි යන මහත්ම මහත්මීන් මෙන්ම පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියහ.