ජනාධිපතිවරණ සමය තුළ රජය නිර්දය ලෙස විවේචනය කිරීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් පටන්ගෙන ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) පැවැති කැබිනට් රැස්වීමේදී පවසා ඇත.
පෞද්ගලික නාලිකාවක් විසින් විකාශය කරන ලද දේශපාලන වැඩසටහනකදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව එක්තරා දුරකථන ඇමතුමක් ලබාදුන් අයෙකු කළ නිර්දය විවේචනය සම්බන්ධව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. එහිදී මෙවැනි තත්ත්වයන් හමුවේ රජය මගින් ඊට මුහුණ දිය යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට භාජනය කර ඇති අතර, මෙය සිදු කළ හැක්කේ ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමෙන් බවද අදහස් දැක්වූ අමාත්‍යවරු පෙන්වා දී තිබේ.