එළඹෙන 17දා වන විට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණද මහා නගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එමෙන්ම බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැති බවත් මහා නගර සංවර්ධන වැඩපිළිවෙළට රජය රුපියලක්වත් ආයෝජනය කර නොමැති බවද ඔහු පැවැසීය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩ බිම කෙරවළපිටිය ආශ්රිත නව ප්‍රවර්ධන නගරයේ ඉදිකිරීම නිමිත්තෙන් අද (14දා) උදෑසන පැවැති සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ආණ්ඩුව ආයෝජනය නොකර මෙතරම් ව්‍යාපෘති ගණනාවක් එකවර රට තුළ කි‍්‍රයාත්මක කරපු ඉතිහාසයේ කිසිදු කාල සීමාවක් ඇත්තේ නැහැ. අපේ නිලධාරීන් අනෙක් අමාත්‍යාංශ සමග ඉතා හොඳ සහයෝගයකින් අපේ ව්‍යාපෘති සියල්ලම පාහේ ඉතා හොඳින් කර ගෙන යනවා.” යැයිද පවසා සිටියේය.