නැගෙනහිර මහඇමතිවරයා විසින් නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තාව ජනපති මෛත්රිපාල සිරිසේන මහතාට බාරදුන් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
නාවික හමුදාව විසින් එම වාර්තාය තමාට ලබාදුන් බවත් එම ලියවිල්ල ජනාධිපතිවරයා වෙත බාරදුන් බවත් ඒ අනූව ජනාධිපතිවරයා ප්රමුඛ රජය ඒ ගැන තීන්දුවක් ගනු ඇතැයි හෙතෙම කීවේය.