රජය තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණය ලක්ව ඇති ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට මැදිහත්විය හැකි බව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා 'අද'ට ප්‍රකාශයක් කරමින් පැවැසීය.
“මට බයයි මේකට ගිහින් උදව් කරන්න. මොකද රජය මට මොකක් කියයිද දන්නේ නෑ. ලිඛිතව, නීත්‍යානුකූලව ඉල්ලුවොත් මම උදව් කරනවා.” යැයි ඔහු පැවැසීය.
පසුගිය සඳුදා දිනයේදී ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු සිටි ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සොමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විණ.
ඔවුන්ව නිදහස් කිරීමට සෝමාලියානු කොල්ලකරුවන් කප්පම් මුදල් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.