මෙම වර්ෂයේ නොවැම්බර් මස 01 වැනිදා වනවිට රජය විසින් අලුතින් සුරා බලපත්‍ර 44 ක් නිකුත් කර ඇති අතර, සංචාරක හෝටල් 33 ක් සහ අවන්හල් 07 ක් සඳහාද සුරා බලපත්‍ර නිකුත් කර තිබේ.
ඊයේ (16දා) පාර්ලිමේන්තුවට මේ බව සඳහන් කළ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට රට පුරා ක්‍රියාත්මක වන සුරා බලපත්‍ර සංඛ්‍යාව 3,445 ක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම සංචාරක හෝටල් 763 ක් සහ අවන්හල් 540 ක් සඳහාද බලපත්‍ර නිකුත් කර තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වර්ෂයේ නොවැම්බර් 01 වැනිදා වනවිට සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 84,143 ක මුදලක් රජයට ලබාගැනීමට හැකිවූ බවත්, දෙසැම්බර් මාසයේ මේ දක්වා රුපියල් මිලියන 11,600 ක ආදායමක් ලබාගැනීමට රජයට හැකිවූ බවත් ඒ මහතා පවසා සිටියේය.
නොවැම්බර් මාසය තුළ සුරා බදු ආදායම රුපියල් මිලියන 200 ක් වන බවත්, දෙසැම්බර් මාසය තුළ සියයට හය ගුණයක ආදායමක් රජයට ලබාගත හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම 2013 වර්ෂයේ සුරාබදු ආදායම රුපියල් මිලියන 66,008 ක් සහ 2014 වර්ෂයේ රුපියල් මිලියන 69,000 ක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
තවද මේ වර්ෂයේ නොවැම්බර් 01 වැනිදා වනවිට ශ්‍රී ලංකාව තුළ විකුණන ලද අරක්කු ප්‍රමාණය ලීටටර් 65,264,233 ක් වන අතර, විදේශ මත්පැන් ප්‍රමාණය ලීටර 5,185,836 කි. ධාන්‍ය මත්පැන් ලීටර 100,444, 888 ක් විකුණා ඇති අතර, මේ දක්වා විකුණා ඇති රා ප්‍රමාණය ලීටර් 13,810,518 කි.
එමෙන්ම මේ වර්ෂයේ මේ දක්වා මෙරට විකුණන ලද මත්පැන් වැඩි වශයෙන්ම විකුණා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. ඒ අනුව අරක්කු ලීටර් 11,637,381.65 ක්, රට බීම ලීටර් 1,644,881.91 ක්, රා ලීටර් 309,814.15 ක් හා බියර් ලීටර් 16,878,729,51 ක් විකුණා තිබේ.